ආවා තමයි අඩියෙන් අඩිය,
හිතුවේ ගැනම විතරයි ඉදිරිය,
තිබුණේ නෑ දෙයක් වෙන,
මඟ රැඳී බලා ඉන්න...
ගෙවුනත්දි වා රෑ කොතෙක්,
නැති වුණත් හරි විවේකයක්,
වුණා නම් මහන්සියක්,
සිතුවේ උඩටම එන්න...
ඇවිත් බැලුවම මඟක්,
තියෙයි යම් හිස්තැනක්,
නෑ හිතේ නිදහසක්,
ඇත්තේ මහ හිස්කමක්ය...
වැරදී ඇත යමක්,
මඟ හැරී ඇත ගොඩක්,
එත් නෑ විසඳුමක්,
නැවතුණොත් හැරුණොත් පරාදයි මම...
පින්තුරේ ගැන : මේක ක්ලික් වුනේ 2014 අගෝස්තු, ලොකේෂන් එක San Antonio river walk, TX,
කැමරාව නිකොන් D60, Focal length 66mm, Exposure time 1/200s, ISO200, f/5.3
No comments:
Post a Comment